Wednesday, August 17, 2016

ඇවිදින් යලිත් වසන්තය



 ඇවිදින් යළිත් වසන්තය......





















 මීදුමෙන් වසීගිය කඳු පන්තිය දෙස  දෙවරක් ජනෙල් කවුුළුවෙන් බැලූ මා විඩාබර දෙනෙතින් යුතුව අත්තමිමාගේ ඇඳ මත හිඳ ගතිමි. අත්තමිමා කොයි ගියාදැයි නිචිචියක් නැත. ඉකුත් වසේරදීනමි අප්පචිචීද අප සමග සිටිවග මාගේ මතකයට නැගින. අප්පචිචීගේ මළගමිින් පසු අප දෙදෙනා මෙි පැල්කොටෙි තනිවිය. එදිනේ සිට අද වනතුරුම  අත්තමිමා වෙහෙස වූයේ මාගේ කුස පුරවන්නටයි. කඩයප්පන් වෙළඳාමෙන් ලැබෙන සොචිචමි මුදලින් එදා වෙිල පිරිමසාගන්නා අතරම ඉන් සුළු මුදලක් ඉතිරි කිරීමට අත්තමිමා සමත්විිය. එය මාගේ අනාගතය උදෙසාය. අත්තමිමා අප්පචිචිගේ අමිමාය.  මා කුඩාකලම අමිමා මියගොස් ඇත්තේ මල්ලි බිිහිකිරීමට ගිය අවස්ථාවෙිදීය... එහිදී දෙදෙනාම මිගොස් ඇත. නමුඳු ඒ පිලිබඳ මතකයක් මා තුළ නොමැත. එතැන් පටන් අප්පචිචි මා කැටුව බණ්ඩාරවෙල පදිංචියට විත් ඇත.

‘සඳලියේ.................සඳලියේ..................... ඉක්මනට ඇවිත් මෙි ඇඹුල් පේර මල්ල ගනින් මයේ පුතේ...................” අත්තමිමාගේ හඩින් මා පියවිසිහියට පැමිණියෙමි.

‘‘..මෙි එනෝ  අත්තමිමෙි..............” මා එසේ කියමින් අත්තමිමා සොයාගෙන පිළිකන්න පැත්තෙන් එළියට දිවගියාය...........

‘‘කොයින්ද අත්තමිමෙි...............ඇඹුල් පේර..................?

 
’’මේන් මේකෙ ලොකැට් ගෙඩි වගේකුත් තියනවා.................මං මෙි ලිපලන්න තේ ඉපල් ටිකක් ගේන්න නමිපෙය්ර වත්තට ගියා.. අර පෙරුමාලගෙ කොළු පැටියා මෙින්....... දුන්නා සඳලි අක්කට දෙන්නයි කියලා. පෙරුමාලගෙ පවුලෙ වුනුත් උඩවෙිරිය වත්තට යනවයිලූනි. මෙහෙ හිටියට උන්ට හරියන්නෙ නැතෙයි කියන්නෙ.................” 
  
‘‘අනේ.............. ඇත්තද අත්තමිමෙි..................අනේ එතකොට ශංකර් මල්ලිත් එක්ක මට කඳු පල්ලෙ එළුවො බලාගන්න යන්න වෙන්නෙත් නෑ......................මල් විකුනන්න යන්න වෙන්නෙත් තනියම තමයි. අනේ අත්තමිමෙි.............”
මා එසේ කියනවිිට කඳුලූ පිිිරි දෙනෙතින් යුතුව ඈ මා දෙස බලා සිට වචනයකුදු නොදොඩා කුස්සිය පැත්තෙන් ගෙට ගොඩවිය........

අප්පච්චි ජීවත්ව සිටියදී මා කිහිප විටක්ම අම්මාගේ පවුල ගැන ඇසුවද ඒ සෑම විටම ඔහු කඳුළු ගුලියක් දෙනෙතේ ගුලිකොට ගනිමින් කීවේ  ”සුදු හාමිනේට ඉක්මනට ම මේ ලෝකෙන් යන්න වුනේ මා කළ වරදෙන් ” බවයි... අප්පච්චි සෑම විටම අම්මා පිළිබඳ කතා කළේ මහත් සෙනෙහසිනි... ඔහුගේ දෑස් තුළින් එවිට මා දුටුවෙි වරදක් කළ අසරණ වූුවෙකුගේ ස්වරූපයයි... අප්පචිචි අමිමා ඇමතුවෙි සුදු හාමිනේ යනුවෙනි.  අප්පචිචි     පමණක් නොව අත්තමිමාද අමිමාට දැඩි සේ ලෙන්ගතුව සිටින්නට ඇතැයි මට සිතේ.

   
    ‘‘සඳලියේ..... මයෙ පුතේ  මීදුම බාන්න කලියෙන් මානන් පඳුරු උඩ දාල තියෙන රෙදි ටික ගෙට කරපන්... අද පින්නටත් තෙමුනොතින් පුස් අල්ලයි...”

‘‘හා අත්තම්මේ.................”  
     
‘‘පුතේ වත්තෙ   මහතතැන්ලගෙ බංගලාවට නුවරින් නෑයො කට්ටියක් එනවයිලූ හෙට. ඉතින් නෝනා කියව්වා උඹටත්  උදව්වට එන්ඩයි කියලා...” අත්තම්මා ගෙපැලේ සිට තවත් මොනවදෝ කියනවා මට ඇසිණි.. 

මම වැඩ අහවර කර මූණ අතපය සෝදා බුදු පහණ ලඟට ගියේ සිත එක්තැන් කර බුදුන් වැඳීමටය. නමුත් මාගේ මතකය ඈතට දිව යන්නට විය.  ඔසරිය ඇඳ කොන්ඩ ගෙඩියක් බැඳ සිනා පිරි දෙනෙතින් යුතුව බලා සිටින අම්මාගේ ඡයාරූපය මා අතට පත් වූයේ අප්පච්චි මියදෙන්නට පෙර දිනයේදීය. අප්පච්චී මියගියේ විසක් ශරීරගත වීමෙන් බව එදා දොස්තර මහත්තරුන් අත්තම්මාට පවසා තිබිණ. අම්මාගේත් අප්පච්චීගේත් සෙනෙහස රැකවරණය ලැබීමට මා පිං නොකල බවනම් සත්‍යයකි. 

මා කුස්සියට යනවිට අත්තම්මා බත ලිපතියා මුකුණ දළු තෝරමින් සිටියාය..

‘‘ඉතින් අත්තම්මේ.............ඔය එනවයි කියන ඈයො ස්ටේෂම බංගලාවෙ පදිංචියට  එන අයද?’’ මම අත්තම්මා දෙස බලමින් එසේ අසුවෙමි. 

‘‘නැ නෑ අපර්ණා බේබි කැන්දන් යන්න ඉන්න මහත්තැන්ලගෙ පවුලෙ උදවියලූනෙ.........මටත් උදැනැක්කෙම එන්ඩයි කිව්වා උයන්ඩ ලැයිසා නංගිගෙ උදව්වට.........හොඳ නෑ නොවැ නොයන එක. අපි මෙහෙමහරි ඉන්නෙ ඒ උත්තමයොන්ගෙ උදව් හන්දා. නැත්තම් අපට කාගෙ පිහිටක්ද’’ අත්තම්මා සුසුන්ලමින් පැවසුවාය....
.............................................................................................................................................

අත්තම්මා මා කූද්දන විට හීන් පොද වැස්සක් ඇද හැලෙමින් පැවතිණි. හිරිකඩ වැස්ස නිසාවෙන් සීතලයෙන් මුළුගතම වෙලා ගන්නට විය..මා ඇඳෙන් නැගිට කුස්සියට යනවිට අත්තමිමා බතල තම්බා ලූණු මිරිසක් ගලේ තලමින් සිටිියාය.............

 මා ලිපලූ දර කෝටුවකින් අගුරු කැබැල්ලක් කඩා දත මදිමින් වතුර පීල්ල දෙසට ගියෙමි.
‘‘ඉක්මන්කරලා වරෙන් මයෙ පුතේ.....................යන්න සුනංගු වෙනවා...........’’



අත්තම්මාත් මමත් බංගලාවට යනවිට ලැයිසා නැන්දා කිරි බතක් සාදමින් සිටි අතර ලොකු නෝනා ඇයට උපදෙස් දෙමින් සිටියාය..
‘‘ආ...................... ඩිංගිරි අම්මේ අපි මේ දැන් මතක් කරා විතරයිx ස`දලි කෙල්ලත් ආව එක ලොකු දෙයක් ......තංගමලී කෙල්ලටත්  මේ වෙලාවෙම ගෙදර යන්න වුනානේ. ලැයිසාට තනියම මේ වැඩ කරගන්න බැරිනිසා මොකද කරන්නෙ කියලා කල්පනා කර කර හිටියේ..’’
කෙල්ලත් ඉන්නවනෙ ලොකු නෝනා.............. බයවෙන්ඩ කාරි නෑ..........’’ අත්තම්මා එසේ පැවසුවේ බයාදු හඬකිනනි. එය ගෞරවයත් සමග කැටිව ආ එකක් යැයි මට සිතේ..........


මමත් අත්තම්මාත් පුළුවන් තරම් ඔවුන්ගේ වැඩ කටයුතු වලට උදව් විය.. නෝනා හාමුත් වත්තේ මහත්තයත් අපට බොහෝ උපකාර කළ අයයි. අප්පච්චිගේ මළගම සදහාද ඔවුන් බොහෝ උපකාර කරන ලදි.

‘දරුවෝ................මෙහෙට පොඞ්ඩක් ආවනන්’’

මා අමතන්නේ ලොකුනෝනා විය හැකිය.. ඉදිරිපස දෙසින් ආ ඒ හඬ සොයා මා පියනැගුවෙම්.

‘‘ ඕන් බලන්ඩකො දරුවෝ............ මන් ඊයෙ ඩිංගිරි අම්මට කියන්ඩ හිටියෙ එනකොට මල් කොටුවෙන් මල් මිටි දෙක තුනක් අරන් එන්ඩයි කියලා...... එක මේ වැඩ අස්සෙ අමතක වුනානි .
 දරුවෝ හනිකට ගිහින් මල් මිටි දෙකක් අරන් එන්ඩ..අර කට්ටියත් ළ`ගම එනවා ඇති..ඒ අය එක්කන් එන්ඩ මහත්තයත් පාරට ගියා....

මම හනිකට වැටෙන් පැන පයිනස් කන්දෙන් පහළට කෙටි පාර ඔස්සේ දිව ගියෙමි.......තාර පාරට පිවිස’මට තිබුණේ අඩි කිහිපයකි......... පයිනස් කොළ තට්ටුවක් සමග පය ලිස්සා යනවා පමණක් මට මතකය..
    මට සිහිය එනවිට මා සිටියේ කොහේදැයි මට නිච්චියක් නැත...මා වටා බොහෝ පිරිසක්  රැස්ව සිටිනවග කසු කුසුවෙන් මට වැටහිණි..‘‘මගෙ රත්තරං මැණික.............මයෙ  අම්මේ..........අනේ මගේ රන් කෙල්ලට කරදරයක් වෙන්නෙපා දෙයියනේ..’ඒ අත්තම්මගේ කටහ`ඩ විය.......

මා සෙමින් ඇස් පියන් හැරියෙමි...... ඡයාවකින් මෙන් මා වටා සිටි අය දෙසට දෙනෙත් යොමු කළෙමි . දෙවියනි.........පුදුමයකකි. පින්තූරයේ සිටි ඒ ඇයමද? මෙය සිහිනයක්ද? මට සිතාගත නොහැකිවිය. අප්පච්චි මා අත තැබුූ පින්තූරයේ සිටියේ මැයමය. කඳුලූපිරි දෙනෙතින් යුතුව මා දෙස බලා සිටි ඇය කවුරුනද? සත්‍යයෙන්ම මෙය සිහිනයකි. මට සිතාගැන’මට නොහැකිවිය.
අම්මා මගේ අම්ම...........මා දකින්නේ සිහිනයක් නොව සැබෑවක් බව මට හැගිණි. මම ඇයව තරයේ වැළඳ ගතිමි.  ඇයද ඉකිගසන්නට විය.

‘‘ස`දලියේ මයෙ දුවේ............මේ ඉන්නෙ උඹෙ ලොකු අම්මා........උඹෙ අම්මත් එක්ක එක් කුසේ උපන් නිවුන් සහෝදර’ පුතේ.............’’

අත්තම්මා හඬන්නට විය. ඇය අන් කවුරුත් නොව අම්මාගේ අක්කායxඑමෙන්ම අපර්ණා බේබිගේ අනාගත නැන්දම්මායxමෙයනම් අරුමයකි.  ඇය මාලඟට ගෙන හිස අතගාමින් සියල්ල පැවසුවේ දැඩි වේදනාවෙනි.
මගෙ අම්මා නුවර වළව්වක කුමාරිහාමි කෙනෙකි. ඇයගේ පප්පා ඉතා සැර පරුෂ අයෙකි.

අම්මාගේ වළව්වට අප්පච් ගොස් ඇත්තේ රියදුරු රැකියාව සඳහාය. එහිදී අම්මා සමග කුළුපගු වූ අප්පච්චි    අම්මාද කැටුව වලව්වෙන් පිටමන් වී ඇත. අම්මාගේ පප්පා නැවත වළව්වට පැමිණිමට ඉඩ නොදී ඇත. එතැන් පටන් ඔවුන් කෙසේ ජිවත් වූවේදැයි ලොකුඅම්මාද නොදනී’. ඇයගේ පියා මීට ටික කලකට ඉහතදී මියගොස් ඇත. අවසාන කාලයේදී ඔහු සෑමතැනම අප සොයා ඇත. සොයාගත නොහැකි වූ තැන අම්මාට හිමි සියලූ දේපළ අම්මාගේ නමට ලියාතබා ඇත්තේ කෙදිනක හෝ ඇය යළිත් පැමිණි දිනෙක දෙන ලෙස පවසමිනි........
 
‘‘මගේ දුවේ මම දැන් ඔයාගේ අම්මා.. තමයි මැණික..... මම ඔයාව බලා ගන්නවා පුතේ.........ඇහැක් වගේ බලාගන්නවා දුවේ............
 
ඈ දැඩි සෙනෙහසින් පවසන ලදී. දෙඇස් තුළින් රූරා වැටෙන කඳුළු විය හැක. මෙය සැබෑවකි.  පැමිණ ඇත යළිත් වසන්තය මෙය නම් අරුමයකි.
.
පයිනස් බෑවුමෙන් පෙරළී මහ පාරට වැටී ඇති මා සිහිසුන්ව පාර මායිමේ සිට ඇතිඅතර ඔවුන් පැමිණි කැබ්රථය මා දැක නතර කර ඇත. බංගලාවේ ලොකු මහත්තයා මා හඳුනාගෙන වලව්වට රැගෙන විත් වෛද්‍යවරයෙකුට මාව පෙන්වා මාගේ සුව දුක් විමසූ බව අත්තම්මා මට කීවාය. එහිදී අත්තම්මා අම්මා මෙන් දිස් වූ එම රුවට රැවටෙන්නට ඇත. එහිදී සියළු විස්තර දැනගන්නට ඇතැයි මට සිතේ. අප දිවිය එකලූ කරන්නට ඇවිදින් යළිත් වසන්තය. මීදුම් පටල වසා ගණ අන්ධකාරය දුරු කර පැමිණ ඇත වසත් කාලය.     පොදිගසා ගත් නොයෙක් අදිටන් සඵල වන්නට දිනය අද හෙට පැමිණේවි. ලොවට හඬගා කියන්නට හැකිනම් මාහට..... දිවිය එකලූ කරන්නට යළිත් වසන්තය ආ බව.....

No comments:

Post a Comment