Thursday, August 4, 2016

අවධානය පිණිසයි.


නොපෙනෙන හිමිකම.....










කොලොන්නාව මීතොටමුල්ල පොතුවිල් කුඹුර දෙසවනට වැකුණු පමණින් මතකයට නැගෙන්නේ ගොඩනැගිලි පරයා අහස උසට නැගී කසල අංගනයකි . කසල දැමීමට අවසර ලැබුනේ අක්කර දෙකක භුමි ප්‍රදේශයකට වුවද අද වනවිට කසල බැහැරකර වපසරිය අක්කර 18ක් . කොළඹ බ්ලුමැන්ඩල් කුනුකන්දේ ඇතිවූ ගින්නක් හේතුවෙන් කොළඹ නගරයේ දිනපතා එකතුවන කුණු ඉවත්කිරීමට ස්ථානයක් නොමැති වූ නිසාවෙන්  අධිකරණ නියෝගයක් මත කොළඹ නගරසභාවට මෙකී ගොඩකළ ඉඩමේ  තාවකාලිකව කුණු දැමීමට අවසර හිමවිය . නමුත් අද වනවිට එය ස්ථිර වී බ්ලුමැන්ඩල් කුනුකන්ද පරයා උඩට නැගසිටින්නේ බලධාරීන්ගේ අවධානය පසෙකලාය. කසල බැහැරකිරීම්  තාවකාලිකව නතරකරදමා තිබුනද එය නැවත ආරම්භ වන්නේ 2009 වර්ෂයේදීය. ඒ අධිකරණ නියෝගයකට අනුවයි . 

මීතොටමුල්ල 23 වත්ත දහම්පුර  ආදී  ප්‍රදේශ කුනුකන්දේ පීඩනයකට ලක්ව ගිලාබැසීමකටද ලක්ව තිබෙනවා. කුනුකන්ද හේතුවෙන් පිඩාවට පත් පවුල් සංඛ්‍යාව පන්දහසකට ආසන්යි . මේ වනවිටත් පුද්ගලයන් තිස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අහිමිවී හමාරය .ජනතාව මැසිවිලි නගන්නේ  ඩෙංගු ,බරවා ,මී උණ, වකුගඩු රෝග ,ස්වසන රෝග සුවනොවන හිසේ කැක්කුම් මෙන්ම චර්ම රෝග ජිවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති  බවයි . දැඩි දුර්ගන්ධය හේතුවෙන් කැම රුචිය පවා පිරිහිගොස් අතිබව ගවේෂණයේදී පැහැදිලිවිය . පිලියෙලකරගත් අහාර මැසි උවදුරෙන්  ආරක්ෂා කරගැනීමේ අපහසුතාවකටද මුහුනදෙන්නටද සිදුව ඇත . 

 මිතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලය වරෙක වසාදමන්නේ හමා එන දැඩි දුර්ගන්දයත් දළඹු විශේෂයක් බෝවීමත් නිසාවෙනි .මෙවැනි දැවෙන ප්‍රශ්න ගොන්නක් මැද කිසිවෙකුගේ අවධානය යොමුනොවූ පතිකඩක්ද ඇත .ඒ කුනුකන්ද  මුවාවෙන් සිදුකරගෙනයන  හොර ජාවාරම් මාෆියාවයි . එමෙන්ම කුනුකන්ද තුලින් ජීවිතය ගටගසගන්නා පිරිසක්ද මෙහි වෙසේ .පිරිසක් කුනුකන්ද එපා යැයි හඬනගන විට තවත්පිරිසක් එය අවශ්‍ය බව පැවසයි . කෙසේ නමුදු බලයලත් පිරිස් විසින් සිදුකරන මාෆියා හේතුවෙන් අවට ජනතාවගේ ආරක්ෂාවටද තර්ජන එල්ලවෙමින් පවතී . මිලියන 120 වැයකොට ලබාදී ඇති කොම්පෝස්ට් අංගනයද  විනාශ වී ඇත්තේ  මේ  හේතුවෙන් බවයි  මොවුන් පවසන්නේ.

කුනුකන්ද රැගෙනයාමට හිමිකරුවන් එනතුරා පිරිසක් සෝ සුසුම් හෙලති .අනෙක් පිරිස ජීවිකාව ගැටගසාගන්නා  මාර්ගය එයයි . බලයලත්තෝ කෝටිපතියන් බවට පත්වන තෝතැන්න මෙයයි . නොපෙනෙන හිමිකරුවන්ට අයත් මේ කසල නිධානය අහිංසක අසරණ මිනිසුන්ටම වින කරන්නේ මන්ද ?
.     
      

 

No comments:

Post a Comment